Home » » දොස් කියා එවන පණිවුඩ(වෙබ් පිටු නොපෙන්විමට හේතුව කියන එරර් මැසේජස්)

දොස් කියා එවන පණිවුඩ(වෙබ් පිටු නොපෙන්විමට හේතුව කියන එරර් මැසේජස්)

Written By Unknown on Friday, June 1, 2012 | 10:03 PM

         අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල්වලදි ඊට හේතුව වශයෙන් පණිවුඩයක් පෙන්වයි.එරර් මැසේජ් (error message)ලෙස හදුන්වන මේ පණිවුඩ මගින් පමාවට හේතු විස්තර කරයි. මේවා පෙන්වන්නේ යම් අංකයක් සමගය. එම එරර් මැසේජ් අංකයෙන්ද ඒ ගැන වැටහිමක් ලබා ගත හැක. හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ්බ්‍රව්සරය භාවිතා කිරිමේදිය. පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන් සර්වර්වල ඇති වරදක් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසාය.

400 Bad request
       මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය වෙතින් පරිශිලකයා ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාළ වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ වෙබ් ලිපින තිරැවේ ටයිප් කළ වෙබ් ලිපිනයට ගැළපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලය තුළ ස්ථාපිත කර නොමැති බවයි. මෙවැනි පණිවුඩයක් ලැබුණු විට කළ යුත්තේ ටයිප් කරන ලද වෙබ් ලිපිනයෙහි නිවැරදිතාව තහවුරැ කර ගැනිමයි. විශේෂයෙන් මෙහිදි වෙබ් ලිපින වලට අදාළ ඉලක්කම්, සංකේත ආදිය පිළිබද සැළකිලිමත් විය යුතුය.


401 Unauthorized
       මින් අදහස් කරන්නේ පරිශිලකයාට අවශ්‍ය වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුල්විමට අවසරයක් නොමැති බවය. මෙම වෙබ් අඩවිවලට ඇතුළු විය හැක්කේ පරිශිලකයාගේ තොරතුරැ ඇතුළත් කොට වෙබ් අඩවියේ ලියාපදිංචිය විමෙන් පසු ලැබෙන යුසර් නේම් සහ පාස්වර්ඩ් යොදා ගැනිමෙනි.


403 Forbidden
       මෙයින් අදහස් කරන්නේද පරිශිලකයා ඇතුළු විමට උත්සාහ කරන වෙබ් අඩවියට හෝ පිටුවට ඇතුළුවිමට අවසර නැති බවයි. මෙහිදිද කළ යුත්තේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී අවසර ලබා ගැනිමෙනි.


404 Page not found
       මින් කියවෙන්නේ පරිශිලකයාට ලබා ගැනිමට අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්ධ කිරිමේ යම් තාක්ෂණික අපහසුතාවයක් පිළිබදවය. මෙවැනි අවස්ථාවලදි කළ යුත්තේ. පෙර සිටි වෙබ් පිටුව වෙත නැවත පැමිණ යළිත් අදාළ වෙබ් අඩවියට හෝ පිටුව ඉල්ලුම් කිරිමයි. එසේ නැත්නම් වෙබ් පිටුව රිෆ්රේෂ් කිරිමෙන්ද මෙම වරද නිවැරදි කරගත හැක.
      පරිශිලකයා විසින් වෙබ් ලිපිනයක් ටයිප් කළ අවස්ථාවකදි මෙම එරර් මැසේජ් එක ලැබෙන්නේ නම් වහා කළ යුත්තේ වෙබ් ලිපිනය පරික්ෂා කර බැලිමයි. වෙබ් අඩවියේ ලිපිනයෙහි යම් වෙනසක් කොට තිබිම, වෙබ් අඩවියේ ඇතැම් වෙබ් පිටු මකා දමා තිබිම හෝ වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබිම වැනි හේතු නිසාද මෙම එරර් මැසේජ එක ලැබිය හැක.


408 Request time out
       මෙම එරර් මැසේජ් එකෙන් කියවෙන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරිමේදි පරිශිලකයා වෙතින් සිදුවන යම් ප්‍රමාද දෝෂයකි. අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවිවල ලිපින වෙත ක්ලික් කිරිමේදි යම් කාලපරාසයක් බලපාන අතර එවැනි අවස්ථාවලදි සිදුවන ප්‍රමාදයන් නිසා මෙම එරර් මැසේජ් එක ලැබේ. මෙහිදි කළ යුත්තේ නැවත වරක් ක්ෂණිකව ක්ලික් කර. එම වෙබ් අඩවියට හෝ පිටුවට ඇතුළුවිමට උත්සාහ කිරිමයි.


500 server error
       මෙම පණිවුඩය ලැබෙන්නේ අන්තර්ජාල සර්වර්වල ඇති යම් දෝෂ නිසාය. මේවා බොහෝ විට අන්තර්ජාල සේවා සපයන ආයතනවල පවත්වාගෙන යනු ලබන සර්වර්වල සිදුවන වැරදි නිසා ඇති වේ. ඒ නිසා මෙහිදි කළ යුත්තේ, ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධ විමට උත්සාහ කිරිමයි.


502 server overload
       මෙයින් කියැවෙන්නේ මෙම අවස්ථාව වෙත විට පරිශිලකයා භාවිතා කරනු ලබන සර්වර්වල කාර්යබහුලතාව වැඩි වි ඇති බව සහ එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදන තරම් පරිශිලකයන් පිරිසක් එකවර සර්වර්වලට සම්බන්ධවි ඇති බවයි. මෙහිදිද කළ යුත්තේ ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධවිමට උත්සාහ කිරිමයි.


503 service unavailable
       මින් කියවෙන්නේ ඉන්ටනේට් සේවා සපයන්නාගේ (ISP-Internet Service Provider) සම්බන්ධතාවයේ යම් වරදක් හෝ ක්‍රියාවිරහිතවීමක් ඇතිව තිබෙන බවය. පරිශිලකයාගේ සම්බන්ධතාවය නතර කර දමා ඇති අවස්ථාවලදීද මෙම පණිවුඩය ලැබෙන අතර ඉන්ටනෙට් සේවා සපයන ආයතනට දැන්විමෙන් දෝෂය මග හරවා ගන්නට පුළුවන.
Share this article :

0 comments:

Post a Comment