Category 2

ඉන්ටෙල් අයිව් බ්‍රිජ්

Written By Unknown on Sunday, July 29, 2012 | 10:29 AM





ලොව පළමු ත්‍රිමාන ට්‍රාන්සිස්ටර් සහිත ප්‍රොසෙසරය දැන් එළි දැක තිබේ. ඒ ඉන්ටෙල් අයිව් බ්‍රිජ්(Ivy Bridge). මයික්‍රොප්‍රොසෙසර් තැනිමේ පසුගිය අවුරුදු 40ක ඉතිහාසය ගත්විට, එදා මෙදා තුර භාවිතා කළ තාක්ෂණයන්ට වඩා  හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් මෙහිදී යොදාගෙන තිබේ. එය හදුන්වන්නේ ට්‍රයිගේට් (Tri – Gate) කියාය.
මයික්‍රොප්‍රොසෙසරයක් සාදන්නේ ඉතා පිරිසිදු සිලිකන් තට්ටුවක් මත ට්‍රාන්සිස්ටර් පරිපථ සැකසිමෙනි. මෙය ඉතා සුක්ෂම කටයුත්තක් වෙන්නාක් සේම සංකිර්ණ තාක්ෂණික උපක්‍රමද භාවිතා කොට කරන වැඩකි. වසර 1947 දී මුලින්ම තුනු ට්‍රාන්සිස්ටරය සතයේ කාසියක් තරම් වුණි. එදා පටන් විද්‍යාඥයින් කළේ, ට්‍රාන්සිස්ටරය කුඩා කරමින් අඩුම ඉඩක වැඩි ට්‍රාන්සිස්ටර් ගණනක් අඩංගු කිරිමට උපක්‍රම සෙවිමට. එය කොතරම් සාර්ථකව දියුණු වුවාද කියතොත් අද ට්‍රාන්සිස්ටරයක ප්‍රමාණය මනින්නේ නැනෝ මීටර්වලිනි.
නැනෝ මීටරයක් යනු අගලකින් සියකෝටියකින් පංගුවක දුරකි. කෙස් ගසක පළල නැනෝ මිටර් ලක්ෂයකි. දැන් තනා තිබෙන ට්‍රයිගේට් ට්‍රාන්සිස්ටරය නැනෝමීටර් 22ක් දිග - පළල - උස ඇති එකකි. අයිව් බ්‍රිජ් ප්‍රොසෙසරය තනා තිබෙන්නේ මෙවැනි ට්‍රයිගේට් ට්‍රාන්සිස්ටර් හැට ලක්ෂයක් එකිනෙකට සම්බන්ධ කරමිනි.ප්‍රොසෙසරයක් තැනිම සදහා ට්‍රාන්සිස්ටර් එකිනෙකට සම්බන්ධ කරන්නේ ද්විමාන ක්‍රමයටය. එනම් විදුලි සම්බන්ධතා සකසා තිබෙන්නේ ප්‍රොසෙසරයේ මතුපිටින් හෙවත් තිරස් දිශාවටය. එහෙත් ට්‍රයිගේට් ක්‍රමයේදී ප්‍රොසෙසරයේ මතුපිටින්ද, දෙපසින්ද වශයෙන් පැති තුනකින් විදුලි සම්බන්ධතා ඇති කොට තිබේ. ත්‍රිමාන ට්‍රාන්සිස්ටරයක් නිර්මාණය වෙන්නේ එවිටය.මෙම ත්‍රිමාන ට්‍රාන්සිස්ටර් සහිත ප්‍රොසෙසරයකදී තවත් අමතර වාසියක් ලැබේ. එනම් සාමාන්‍යෙයෙන් වෙන්නාක් මෙන් ට්‍රාන්සිස්ටර් අතර විදුලි කාන්දුවක් සිදු නොවීමයි. එනිසා අපෙක්ෂා කරන නිවැරදිතාව හොදින් පවත්වා ගනිමින් ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙනවා මිස, කිසිදෝෂයක් පෙන්වන්නේ නැත. ඕනැවට වඩා රත් වෙන්නේත් නැත.
මේ තාලයට තනා තිබෙන ට්‍රයිගේට් ට්‍රාන්සිස්ටර් දැනට භාවිතයේ ඇති සාමාන්‍ය ට්‍රාන්සිස්ටර් වලට වඩා 37% කින් වේගවත්ය. එහෙත් භාවිතා කරන විදුලි ප්‍රමාණය දැන් තිබෙන ට්‍රාන්සිස්ටර් වලට වඩා හරි අඩකින් අඩුය. අනෙක් අතට මේ ට්‍රාන්සිස්ටර් නිපදවන්නට වැයවෙන්නේ අනෙක් ට්‍රාන්සිස්ටර් සාදනවාට වඩා 03% කින් පමණ වැඩි වියදමක් පමණි. මේ අනුව අලුත් අයිව් බ්‍රිජ් ප්‍රොසෙසරය, දැන් තිබෙන ඒවාට වඩා තුන් ගුණයකින් වේගවත්. තිබෙන ඒවාට වඩා අඩක විදුලියක් යොදා ගන්නා. මිල වැඩි නොවෙන ප්‍රොසෙසරයකි.(අයිවි බ්‍රිජ් ප්‍රොසෙසර් දැන් වෙළෙදපොළට එන්නේ කෝර් අයි 7 යන වෙළෙද නාමයෙනි.)

නොමිලේ ෆැක්ස් යැවිය හැකි “මයිෆැක්ස්“

Written By Unknown on Friday, July 27, 2012 | 10:06 AM

මෙම වෙබ් සේවයෙන් එකවුන් එකක් සකසා ගත්විට ලොව ඕනෑම තැනක තිබෙන ෆැක්ස් යන්ත්‍රයක් වෙත අන්තර්ජාලය හරහා ෆැක්ස් යවන්නට පුළුවන.





MYFax

ග්රූප් පොලිසී සෙටිංස් වලින් ප්‍රයෝජන ගන්නා හැටි- 02 (ඔටෝප්ලේවීම නතර කිරිම)

සාමාන්‍යෙයන් සිඩී හෝ ඩිවිඩි ඩ්‍රයිව් එකට තැටියක් ඇතුළු කළ පසු මෙන්ම පරිගණකයට එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කළ පසු මුලින්ම විවෘත වෙන්නේ, ඔටෝප්ලේ වින්ඩෝ එකයි.මෙම ක්‍රියාකාරිත්වය නතර කිරිමට පුළුවන, ඒ සදහා කළ යුත්තේ Group Policy Editor වින්ඩෝ එක තුළ ඇති Windows Components බ්‍රාන්ච් එක හරහා යාමයි(User Configuration >Administrative Templates>Windows Components>AutoPlay Policies). එහි අවසානයේ AutoPlay Policies යන්න සිලේකට් කළ යුතුය. එවිට දකුණු පසින් ඇති Settings තුළTurn off Autoplay යන්න තිබෙනු පෙනේවි. දැන් මෙම Turn off Autoplay යන්න ඩබල් ක්ලික් කළ යුතුය. එවිට විවෘත වෙන්නේ, Turn off Autoplay වින්ඩෝ එකයි. මෙම වින්ඩෝවේ ඇති Enabled යන්න තෝරා දුන් විට ඔටෝප්ලේවීම නතර වෙයි.






ග්රැප් පොලිසී සෙටිංස්වලින්ප්‍රයෝජන ගන්නා හැටි- 01 (ටාක්ස් මැනේජර් සක්‍රිය හෝ අක්‍රිය කිරිම)

Written By Unknown on Thursday, July 26, 2012 | 6:25 AM

වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියකට අදාළ වෙන වැදගත් සැකසුම් ගණනාවක්ම කරගත හැකි පහසුකමක් තිබේ. ඒ වින්ඩෝස් ග්රැප් පොලිසි එඩිටර්ය. (වින්ඩෝස් සෙවන් හෝම් හෝ හෝම් ප්‍රිමියම් සංස්කරණවල ග්රැප් පොලිසි එඩිටර් එක නැත.) මෙය සාමාන්‍ය වින්ඩෝස් සැකසුම් වලින් සැගවි තිබෙන්නකි. ඒ නිසා මුලින්ම කළ යුත්තේ මෙම ග්රැප් පොලිසි එඩිටර් එක වෙත පිවිසිමයි. මේ සදහා ස්ටාට් මෙනු එක ක්ලික් කර, එහි ඇති Search programs and files බොක්ස් එක තුළ gpedit.msc යන්න සටහන් කළ යුතුය. එවිට ඊට අදාළ අයිකන් එක ස්ටාට් මෙනු එක මත දැකගත හැකිය. මෙය ක්ලික් කළවිට Local Group Policy Editor වින්ඩෝ එක විවෘත වෙනු ඇත එහි Local Com-puter Policy යන්න යටතේ විවිධ නම් සහිත ෆෝල්ඩර් තිබෙනු පෙනේවි. ඒවායේ වම්පසින් වු දකුණට යොමුව ඇති ඊතල ලකුණ මත ක්ලික් කළවිට ඒ යටතේ ඇති අනෙක් සැකසුම් දැකගත හැකි වෙයි. ඒවා ඇසුරින් ඊට අදාළ Local Group Policy Editor සෙටිංස් වෙත යොමු විය හැකිය.



1.jpg




ටාක්ස් මැනේජර් සක්‍රිය හෝ අක්‍රිය කිරිම


සාමාන්‍යයෙන් යතුරැ පුවරැවේ Alt + Ctrl + Delete යන අකුරැ එකවර තද කිරිමෙන් පසුව ටාක්ස් මැනේජර් වෙත පිවිසිය හැකි බව දනිමු. මෙම පහසුකම සක්‍රිය කිරිමට හෝ අක්‍රිය කිරිම, ග්රැප් පොලිසි එඩිටර් එක හරහා කළ හැක. මේ සදහා Group Policy Editor වින්ඩෝ එක තුළ ඇති User Cofiguration බ්‍රාන්ච් එක විවෘත කළ යුතුය. දැන් ඒ තුළ ඇති Administrative Templates බ්‍රාන්ච් එකද විවෘත කළ යුතුය. අවසානයේ System බ්‍රාන්ච් එකද විවෘත කළ යුතුය. දැන් ඒ තුළ Alt + Ctrl + De Option යන්න ක්ලික් කළ යුතුය. එවිට දකුණු පසින් ඇති Settings තුළ Alt + Ctrl + Delete යතුරැ තද කළ විට හැකි කාර්යයන් පෙන්වයි



2.jpg


ටාක්ස් මැනේජර් එකට අදාළ සැකසුම් කිරිමට මෙහි ඇති Remove Task Manager යන්න මත ඩබ්ල් ක්ලික් කළ යුතුය. එවිට විවෘත වෙන්නේ Remove Task Manager වින්ඩෝ එකයි. මෙහි ඇති Enabled යන්න තෝරා දුන්නේ නම් Alt + Ctrl + Delete යතුර තද කළ විට වින්ඩෝස් ටාස්ක් මැනේජර් වෙත පිවිසෙන්නේ නැත. එහෙත් කලින් තිබු විදියටම Alt + Ctrl + Delete යතුර තදකළ විට වින්ඩෝස් ටාස්ක් මැනේජර් වෙත පිවිසිමට සෙටිංස් සැකසිමට පුලුවන. මේ සදහා Remove Task Manager වින්ඩෝ එක තුළින් Disabled යන්න තේරිය යුතුය. මේ ආකාරයෙන්ම Settings තුළ ඇතිRemove Computer, Remove Logoff වැනි දේවලින්ද Alt + Ctrl + Delete යතුර තදකළ විට අදාළ පහසුකම් ලබාදිමට හෝ නොදිමට හෝ අදාළ සැකසුම් කළ හැකිය.

10 Minute Mail(තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන ටෙන් මිනිටි මේල්)

Written By Unknown on Sunday, June 3, 2012 | 11:10 PM

             නොයෙක් වෙබ් සේවාවලින් ප්‍රයෝජන ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්‍රිය ඉ-මේල් ලිපින ඉල්ලා සිටින වේලාවල් තිබේ. එවිට තමාගේ ඉ-මේල් ලිපිනය ලබාදිමට අකමැති නම් මෙම වෙබ් සේවයෙන් සක්‍රිය තාවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගත හැක.


10Minutemail

10 Minute Mail(තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන ටෙන් මිනිටි මේල්)

             නොයෙක් වෙබ් සේවාවලින් ප්‍රයෝජන ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්‍රිය ඉ-මේල් ලිපින ඉල්ලා සිටින වේලාවල් තිබේ. එවිට තමාගේ ඉ-මේල් ලිපිනය ලබාදිමට අකමැති නම් මෙම වෙබ් සේවයෙන් සක්‍රිය තාවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගත හැක.


10Minutemail

Change your Hard Disk partition Icon(for Xp)

Written By Unknown on Saturday, June 2, 2012 | 12:48 AM