Home » » ග්රැප් පොලිසී සෙටිංස්වලින්ප්‍රයෝජන ගන්නා හැටි- 01 (ටාක්ස් මැනේජර් සක්‍රිය හෝ අක්‍රිය කිරිම)

ග්රැප් පොලිසී සෙටිංස්වලින්ප්‍රයෝජන ගන්නා හැටි- 01 (ටාක්ස් මැනේජර් සක්‍රිය හෝ අක්‍රිය කිරිම)

Written By Unknown on Thursday, July 26, 2012 | 6:25 AM

වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියකට අදාළ වෙන වැදගත් සැකසුම් ගණනාවක්ම කරගත හැකි පහසුකමක් තිබේ. ඒ වින්ඩෝස් ග්රැප් පොලිසි එඩිටර්ය. (වින්ඩෝස් සෙවන් හෝම් හෝ හෝම් ප්‍රිමියම් සංස්කරණවල ග්රැප් පොලිසි එඩිටර් එක නැත.) මෙය සාමාන්‍ය වින්ඩෝස් සැකසුම් වලින් සැගවි තිබෙන්නකි. ඒ නිසා මුලින්ම කළ යුත්තේ මෙම ග්රැප් පොලිසි එඩිටර් එක වෙත පිවිසිමයි. මේ සදහා ස්ටාට් මෙනු එක ක්ලික් කර, එහි ඇති Search programs and files බොක්ස් එක තුළ gpedit.msc යන්න සටහන් කළ යුතුය. එවිට ඊට අදාළ අයිකන් එක ස්ටාට් මෙනු එක මත දැකගත හැකිය. මෙය ක්ලික් කළවිට Local Group Policy Editor වින්ඩෝ එක විවෘත වෙනු ඇත එහි Local Com-puter Policy යන්න යටතේ විවිධ නම් සහිත ෆෝල්ඩර් තිබෙනු පෙනේවි. ඒවායේ වම්පසින් වු දකුණට යොමුව ඇති ඊතල ලකුණ මත ක්ලික් කළවිට ඒ යටතේ ඇති අනෙක් සැකසුම් දැකගත හැකි වෙයි. ඒවා ඇසුරින් ඊට අදාළ Local Group Policy Editor සෙටිංස් වෙත යොමු විය හැකිය.



1.jpg




ටාක්ස් මැනේජර් සක්‍රිය හෝ අක්‍රිය කිරිම


සාමාන්‍යයෙන් යතුරැ පුවරැවේ Alt + Ctrl + Delete යන අකුරැ එකවර තද කිරිමෙන් පසුව ටාක්ස් මැනේජර් වෙත පිවිසිය හැකි බව දනිමු. මෙම පහසුකම සක්‍රිය කිරිමට හෝ අක්‍රිය කිරිම, ග්රැප් පොලිසි එඩිටර් එක හරහා කළ හැක. මේ සදහා Group Policy Editor වින්ඩෝ එක තුළ ඇති User Cofiguration බ්‍රාන්ච් එක විවෘත කළ යුතුය. දැන් ඒ තුළ ඇති Administrative Templates බ්‍රාන්ච් එකද විවෘත කළ යුතුය. අවසානයේ System බ්‍රාන්ච් එකද විවෘත කළ යුතුය. දැන් ඒ තුළ Alt + Ctrl + De Option යන්න ක්ලික් කළ යුතුය. එවිට දකුණු පසින් ඇති Settings තුළ Alt + Ctrl + Delete යතුරැ තද කළ විට හැකි කාර්යයන් පෙන්වයි



2.jpg


ටාක්ස් මැනේජර් එකට අදාළ සැකසුම් කිරිමට මෙහි ඇති Remove Task Manager යන්න මත ඩබ්ල් ක්ලික් කළ යුතුය. එවිට විවෘත වෙන්නේ Remove Task Manager වින්ඩෝ එකයි. මෙහි ඇති Enabled යන්න තෝරා දුන්නේ නම් Alt + Ctrl + Delete යතුර තද කළ විට වින්ඩෝස් ටාස්ක් මැනේජර් වෙත පිවිසෙන්නේ නැත. එහෙත් කලින් තිබු විදියටම Alt + Ctrl + Delete යතුර තදකළ විට වින්ඩෝස් ටාස්ක් මැනේජර් වෙත පිවිසිමට සෙටිංස් සැකසිමට පුලුවන. මේ සදහා Remove Task Manager වින්ඩෝ එක තුළින් Disabled යන්න තේරිය යුතුය. මේ ආකාරයෙන්ම Settings තුළ ඇතිRemove Computer, Remove Logoff වැනි දේවලින්ද Alt + Ctrl + Delete යතුර තදකළ විට අදාළ පහසුකම් ලබාදිමට හෝ නොදිමට හෝ අදාළ සැකසුම් කළ හැකිය.

Share this article :

0 comments:

Post a Comment