Home » » ඉන්ටෙල් අයිව් බ්‍රිජ්

ඉන්ටෙල් අයිව් බ්‍රිජ්

Written By Unknown on Sunday, July 29, 2012 | 10:29 AM





ලොව පළමු ත්‍රිමාන ට්‍රාන්සිස්ටර් සහිත ප්‍රොසෙසරය දැන් එළි දැක තිබේ. ඒ ඉන්ටෙල් අයිව් බ්‍රිජ්(Ivy Bridge). මයික්‍රොප්‍රොසෙසර් තැනිමේ පසුගිය අවුරුදු 40ක ඉතිහාසය ගත්විට, එදා මෙදා තුර භාවිතා කළ තාක්ෂණයන්ට වඩා  හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් මෙහිදී යොදාගෙන තිබේ. එය හදුන්වන්නේ ට්‍රයිගේට් (Tri – Gate) කියාය.
මයික්‍රොප්‍රොසෙසරයක් සාදන්නේ ඉතා පිරිසිදු සිලිකන් තට්ටුවක් මත ට්‍රාන්සිස්ටර් පරිපථ සැකසිමෙනි. මෙය ඉතා සුක්ෂම කටයුත්තක් වෙන්නාක් සේම සංකිර්ණ තාක්ෂණික උපක්‍රමද භාවිතා කොට කරන වැඩකි. වසර 1947 දී මුලින්ම තුනු ට්‍රාන්සිස්ටරය සතයේ කාසියක් තරම් වුණි. එදා පටන් විද්‍යාඥයින් කළේ, ට්‍රාන්සිස්ටරය කුඩා කරමින් අඩුම ඉඩක වැඩි ට්‍රාන්සිස්ටර් ගණනක් අඩංගු කිරිමට උපක්‍රම සෙවිමට. එය කොතරම් සාර්ථකව දියුණු වුවාද කියතොත් අද ට්‍රාන්සිස්ටරයක ප්‍රමාණය මනින්නේ නැනෝ මීටර්වලිනි.
නැනෝ මීටරයක් යනු අගලකින් සියකෝටියකින් පංගුවක දුරකි. කෙස් ගසක පළල නැනෝ මිටර් ලක්ෂයකි. දැන් තනා තිබෙන ට්‍රයිගේට් ට්‍රාන්සිස්ටරය නැනෝමීටර් 22ක් දිග - පළල - උස ඇති එකකි. අයිව් බ්‍රිජ් ප්‍රොසෙසරය තනා තිබෙන්නේ මෙවැනි ට්‍රයිගේට් ට්‍රාන්සිස්ටර් හැට ලක්ෂයක් එකිනෙකට සම්බන්ධ කරමිනි.ප්‍රොසෙසරයක් තැනිම සදහා ට්‍රාන්සිස්ටර් එකිනෙකට සම්බන්ධ කරන්නේ ද්විමාන ක්‍රමයටය. එනම් විදුලි සම්බන්ධතා සකසා තිබෙන්නේ ප්‍රොසෙසරයේ මතුපිටින් හෙවත් තිරස් දිශාවටය. එහෙත් ට්‍රයිගේට් ක්‍රමයේදී ප්‍රොසෙසරයේ මතුපිටින්ද, දෙපසින්ද වශයෙන් පැති තුනකින් විදුලි සම්බන්ධතා ඇති කොට තිබේ. ත්‍රිමාන ට්‍රාන්සිස්ටරයක් නිර්මාණය වෙන්නේ එවිටය.මෙම ත්‍රිමාන ට්‍රාන්සිස්ටර් සහිත ප්‍රොසෙසරයකදී තවත් අමතර වාසියක් ලැබේ. එනම් සාමාන්‍යෙයෙන් වෙන්නාක් මෙන් ට්‍රාන්සිස්ටර් අතර විදුලි කාන්දුවක් සිදු නොවීමයි. එනිසා අපෙක්ෂා කරන නිවැරදිතාව හොදින් පවත්වා ගනිමින් ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙනවා මිස, කිසිදෝෂයක් පෙන්වන්නේ නැත. ඕනැවට වඩා රත් වෙන්නේත් නැත.
මේ තාලයට තනා තිබෙන ට්‍රයිගේට් ට්‍රාන්සිස්ටර් දැනට භාවිතයේ ඇති සාමාන්‍ය ට්‍රාන්සිස්ටර් වලට වඩා 37% කින් වේගවත්ය. එහෙත් භාවිතා කරන විදුලි ප්‍රමාණය දැන් තිබෙන ට්‍රාන්සිස්ටර් වලට වඩා හරි අඩකින් අඩුය. අනෙක් අතට මේ ට්‍රාන්සිස්ටර් නිපදවන්නට වැයවෙන්නේ අනෙක් ට්‍රාන්සිස්ටර් සාදනවාට වඩා 03% කින් පමණ වැඩි වියදමක් පමණි. මේ අනුව අලුත් අයිව් බ්‍රිජ් ප්‍රොසෙසරය, දැන් තිබෙන ඒවාට වඩා තුන් ගුණයකින් වේගවත්. තිබෙන ඒවාට වඩා අඩක විදුලියක් යොදා ගන්නා. මිල වැඩි නොවෙන ප්‍රොසෙසරයකි.(අයිවි බ්‍රිජ් ප්‍රොසෙසර් දැන් වෙළෙදපොළට එන්නේ කෝර් අයි 7 යන වෙළෙද නාමයෙනි.)
Share this article :

0 comments:

Post a Comment